ඉන්දියානු ජාතිකයන් 26 දෙනෙකු උතුරු පළාතේ දී අත්අඩංගුවට

 01/08/2018 - 15:17
12 reads

ගුප්ත විද්‍යාව මාර්ගයෙන් ගැටලූ විසඳන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ ඉන්දියානුවන් 26 දෙනෙකු උතුර පළාතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ වව්නියාව සහ යාපනය යන ප්‍රදේශ තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය දිනවල මෙම ඉන්දියානුවන් මෙරටට පැමිණ ඇත්තේ සංචාරක වීසා මාර්ගයෙන්.

එමෙන්ම ඔවුන් අදාළ ප්‍රදේශවල පුද්ගලයින් රැසකගෙන් මුදල් වංචා කර ඇති බවට ද මේ වන විට අනාවරණ වී තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news