රාජගිරියේ පාලමට සෝභිත හිමිගේ නම දාන්න ජනපතිගෙන් යෝජනාවක්

 01/08/2018 - 13:19
10 reads

රාජගිරිය ගුවන් පාලම 'පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමි' නමින් නම් කරන ලෙසට යෝජනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ ගුවන් පාලම ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සභභාගිවෙමිනුයි.

ජනවාරි 08 වනදා සිදුවූ වෙනසට විශාල දායකත්වයක් දැක්වූයේ උන්වහන්සේ බවත් එම නිසා මෙම ගුවන් පාලම උන්වහන්සේගේ නමින් නම් කරන ලෙසට බොහෝ දෙනෙකු ඉල්ලා සිටින බවද ජනපතිවරයා එහිදී කියා සිටියා.

මාර්ග තදබදයට විසඳුම් ලබාදීමට බොහෝ කටයුතු සිදුකරන බවත් ඉන් එක් වැඩසටහනක් ලෙස රාජගිරිය ගුවන් පාලම ඉදිකර ජනතා අයිතියට පත්කළ බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

news24.lk
News24
sri lanka news 24
24 news