නෝටර්න් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය අසල පයිනස් වගා රක්‍ෂිතයක ගින්නක්

 01/08/2018 - 12:21
4 reads

නෝටර්න් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය ආසන්නයේ ඇති පයිනස් වගා රක්‍ෂිතයක ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී 8 ට පමණ හටගත් ගින්නෙන් මේ වන විට වගා රක්‍ෂිතයෙන් කොටසක් විනාශ වී ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.

ප්‍රදේශයේ පවතින වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් රක්‍ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

ගින්න මේ වන විට රක්‍ෂිතයේ කඳුමුදුන දක්වා පැතිර ගොස් ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම දුෂ්කර වී ඇති අතර,  ඒ සඳහා ලක්‍ෂපාන යුධ හමුදා කඳවුරේ නිලධාරීන්ගේද සහයෝගය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news