ජනපති පදවි ප්‍රාප්තියට අදට වසර 3යි

 01/08/2018 - 09:50
4 reads

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට තේරීපත් වී  සහ  සම්මුතිවාදි ආණ්ඩුව බලයට පත් වී අදට වසර තුනක් සපිරෙනවා.

2015 වසරේ ජනවාරි 8 වන දා පැවති ජනාධිපතිවරණයෙනුයි මෛත්‍රිපාල සිරිසේන මහතා එම ධුරයට තේරීපත් වුණේ.

අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය එක්ව සම්මුතිවාදි ආණ්ඩුව පිහිටුවනු ලැබුවා.

සම්මුතිවාදි ආණ්ඩුව යටතේ මෙරට ජනතාවට යහපාලනය මෙන්ම සහන රැසක් ද ලබා දී ඇති අතර, මේ වන විට මහ පරිමාන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ද ආරම්භ කර තිබීම විශේෂත්වයක්.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසුවේ ගෙවුනු වසර 3 ක කාලය තුළ මෙරට සියලු සංවර්ධන කටයුතු අඩාල වී ඇති බවයි.

දූෂිතයන්ට දඬුවම් ලබාදෙන බව පවසමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව මහපරිමාණ දූෂණ සිදු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන්ද ජයතිස්ස මහතා  පවසනවා.

කෙසේ වෙතත්, යහපාලන ආණ්ඩුව යටතේ මෙරට ජනතාවට සහන රැසක් ලබාදුන් බවයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කළේ.

news24.lk
News24
sri lanka news 24
24 news