යාපනයේ දී ළිඳකට වැටී පාසල් සිසුවෙකු මියයයි

 01/07/2018 - 15:25
4 reads

යාපනයේ අච්චුවේලි ආවරංගල් ප්‍රදේශයේ වයස අවුරුදු 11 ක පාසල් සිසුවකු ඔහුගේ ගෙවත්තේ තිබූ අනාරක්ෂිත ළිඳට ඇද වැටීමෙන්  මියගොස් තිබෙනවා.

දරුවා සරුංගලයක් සමඟ සෙල්ලම් කරමින් සිට ඇති අතර සරුංගලය උඩ යැවීමෙන් පසුව සරුංගලය දෙස බලමින් පිටුපසට දිව යාමේදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලීසි පැවසුවේ.

දරුවා නිවසේ නොමැති වීමෙන් දෙමාපියන් හා ප්‍රදේශවාසීන් සෝදිසි කර බැලීමේදී ඔහු ළිදට වැටී මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news