අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විෂයන් 6ක් දක්වා සීමා කිරීමට අවධානය

 01/07/2018 - 15:24
14 reads

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විෂය සංඛ්‍යාව 6 දක්වා අඩුකිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනය පත් කළ කමිටුවකින් නිර්දේශයක් ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටිය යුතු අනෙකුත් විෂයයන් 4 සඳහා පුළුල් ඇගයීමේ ක්‍රමයක්ද එම කමිටුව මගින් නිර්දේශ කර ඇති බව සඳහන්.

අදාළ කමිටුව පත් කර ඇත්තේ සාමාන්‍ය පෙළ විභාගයේ සිදුකළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව අමාත්‍යාංශය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමටයි.

news24.lk
News24
sri lanka news 24
24 news