ආයුර්වේද මධ්‍යස්ථානයේ ගණිකා නිවාසයක්

 01/07/2018 - 13:52
171 reads

ආයුර්වේද මධ්‍යස්ථානයක්  මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රත්මලාන ප්‍රදේශයේ දී.

ගණිකා වෘත්තියේ යෙදීම සඳහා රැදී සිටි සැකකාරියන් 6 දෙනෙකු සහ එම ස්ථානයේ කළමනාකරු බව කයන පුද්ගලයා එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියන් කොට්ටාව, උඩපුස්සැල්ලාව, කඳපොල, මන්නාරම, පල්ලේබැද්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට අද දින ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news
brothel
Brothel House Raid