ඉපදී පැය 4ක් ගතවූ බිළිඳියක් කුරුවිට කැලෑවකින් හමුවෙයි

 01/07/2018 - 13:17
89 reads

කුරුවිට තේප්පනාව පහලගම ප්‍රදේශයේ කැලෑවකින්  බිළිඳියක් සොයා ගෙන තිබෙනවා.

ඉපදී පැය 4කට පමණ පසු  බිළිඳිය එම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව කුරුවිට පොලිස් නිලධාරීන් විසින් බිළිඳිය සොයා ගෙන තිබුණා.

ළදැරිය රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

බිළිඳියගේ මව සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
new born