තැපැල් ඡන්ද නාම ලේඛන සහතික කිරීම හෙට

 01/07/2018 - 12:53
43 reads

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ නාම ලේඛන තේරීම්භාර  නිලධාරීන් විසින් හෙට දිනයේදී සහතික කිරීමට නියමිතව තිබෙනවා.

අතිරේක  මැතිවරණ කොමසාරිස් සමන් රත්නායක මහතා සඳහන් කළේ මෙවර තැපල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් පන්ලක්ෂ හැටදහස් පන්සිය තිස්එක්‌  දෙනෙකු සුදුසුකම් ලබා දී ඇති බවයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන 25 සහ 26 යන දෙදින පැවැත්වීමට නියමිතයි.

එම දිනවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන පුද්ගලයන්ට පෙබරවාරි පළමු වනදා සහ දෙවන දා ද අමතර දිනයන් ලෙස ලබා දී තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news
LG Election postal vote