කිරි ගොවිපල පිහිටුවීමට විශේෂඥ කණ්ඩායමක් දිවයිනට

 01/07/2018 - 11:04
11 reads

සංවර්ධන ව්‍යාපෘති රැසකට සහාය දැක්වීම සදහා පාකිස්ථාන විශේෂඥ කණ්ඩායමක් මෙරටට පැමිණිමට නියමිතව තිබෙනවා.

මෙරට පකිස්ථාන මහ කොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ්  සඳහන් කළේ  පොළොන්නරුවේ කිරි ගොවිපල පිහිටුවීම සම්බන්ධයෙන් ශක්‍යතා වාර්තාවක් සකස් කිරිම සදහා ඉහළ මට්ටමේ විශේෂඥ කණ්ඩායමක් මෙරටට පැමිණෙන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහකොමසාරිස්වරයා අතර  පැවැති සාකච්ඡාවකදි මේ පිළිබඳ සාකච්ඡාවී   තිබෙනවා.

මෙරට පොහොර හිගය කඩිනමින් විසඳීම සඳහා පකිස්ථාන අගමැති ෂහිඩ්  ඛාන් අබ්බාසි දැක්වු සහයට ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේ දී  කෘතඥතාව ද පළ කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
pakistani specialist for development