වැල්වැටිතුරෙන් කෝටි 3ක් වටිනා මත්ද්‍රව්‍යා සොයා ගැනේ

 01/06/2018 - 19:31
3 reads

යාපනය වැල්වටිතුරෙයි වෙරළ ප්‍රදේශයේ සගවා තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 90ක් නාවුක හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.
ඊට අමතරව හෂිස් කිලෝ ග්‍රෑම් 4ක් සහ අබින් කිලෝ ග්‍රෑම් 4ක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
උතුරු නාවුක විධානයේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව එම වෙරළ තීරයේ අද පෙරවරුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම මත් ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇති බව සඳහන්.
ඒවායේ වටිනාකම රුපියල් කෝටි 3කට අධිකයි.

මේ අතර වැල්වැටිතරෙයි තොන්ඩමනාරු පාලම අසල සඟවා තිබී කේරළ ගංජා කිලෝ 17යි ග්‍රෑම් 760ක් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සොයා ගෙන ඇති බව පොලිසිය පවසනවා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news