ලක්ෂ 40ක් වටිනා විදේශ මුදල් සහ දුම්වැටි සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

 01/06/2018 - 17:31
3 reads

රුපියල් ලක්ෂ 40ක් වටිනා විදෙස් මුදල් සහ දුම්වැටි තොගයක් නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුණායක ගුවන් තොටුපලේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිව්ස් 24 ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයා යාපනය, චාවකච්චේරි  ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි.
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි එම පුද්ගලයාගේ ගමන් මල්ල තුළ දුම්වැටි කාටූන් 120ක් සහ අමෙරිකානු ඩොලර් 25,000 ක මුදලක් තිබී ඇති බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news