ත්‍රිකුණාමලයේ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු පැහැර ගනී

 01/06/2018 - 17:23
7 reads

කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ විසි දෙහැවිරිදි පුත්‍රයෙකු පැහැර ගැනීමේ සිද්ධියක් ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පොලීසිය සඳහන් කළේ ත්‍රිකුණාමලය - 4 කණුව ප්‍රදේශයේ පදිංචි අදාළ තරුණයා ඊයේ රාත්‍රියේ මෙලෙස පැහැර ගෙන ගොස් ඇති බවයි.
අදාළ තරුණයාගේ ව්‍යාපාරික පියා මීට වසර කිහිපයකට පෙර වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වී ඇති බව ද සඳහන්.
පැහැර ගැනීමට ලක්වූ තරුණයාගේ මවට ඊයේ රාත්‍රියේම කිසියම් පිරිසක් දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ තරුණයා සොයා ත්‍රිකුණාමලය පොලීසිය  විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news