සංචාරක හෝටලයක ගැටුමකින් විදේශිකයෙකු රෝහලට

 01/06/2018 - 15:54
3 reads

ඇල්ල හල්පෙ ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී ඇතිවූ ආරවුලකින් තුවාල ලැබූ විදේශීය සංචාරකයෙකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පිහි ඇනුමකින් තුවාල ලබා මෙසේ රෝහල් ගතකොට ඇත්තේ චෙක් ජාතිකයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම රටේම පුද්ගලයෙකු ඇල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග සංචාරයක් සඳහා එම හෝටලයට පැමිණ ඇති ඔවුන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් අතරතුරදී මෙම පිහි ඇනුම සිදුව ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news