ඖෂධ ලියාපදිංචි කිරීමේ ගාස්තු අඩු කෙරෙයි - සම්පූර්ණ විස්තරය මෙන්න

 01/06/2018 - 13:08
6 reads

ඖෂධ, ඔසුසල් සහ නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ බලපත්‍ර ගාස්තු යළි සංශෝධනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ අදාළ ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි.

සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය කළ ඉල්ලීමකට අනුව මෙලෙස ගාස්තු අඩු කිරීමට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පියවර ගෙන ඇති බව සඳහන්.

2017 ජුනි 14 වන දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව මෙම ගාස්තු ඉහළ දමනු ලැබුවා.

එමගින් තම ව්‍යාපාරයට ගැටලු‍ සහගත තත්ත්වයක් මතුව ඇති බවට සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය අමාත්‍යවරයාට පෙන්වාදීමෙන් අනතුරුව මෙම ගාස්තු අඩු කිරීමට කටයුතු කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව සංශෝධනය කරනු ලැබූ ගාස්තු පිළිබඳ  සම්පූර්ණ විස්තරය පහතින්....

 

news24.lk
News24
sri lanka news 24
24 news
National Medicines Regulatory Authority