පසුගිය වසරේ රේගු වැටලීම්වලින් රුපියල් කෝටි 108කට වඩා වැඩි මුදලක්

 01/03/2018 - 10:07
8 reads

පසුගිය වසර තුළ කළ වැටලිම්වලින් රුපියල් කෝටි 108කට වඩා වැඩි  මුදලක් උපයා තිබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ඒ අනුව එම කාළය තුළ රුපියල් එකසිය අටකෝටි අනුහතර ලක්ෂ තිස්හතර දහසක් ඉක්ම වු මුදලක් ශ්‍රි ලංකා රජයට අය කර දී තිබෙන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කරන්නේ.

රත්තරන් , විදේශ මුදල් , මැණික් , දුම්වැටි , මෙන්ම ආවේනික ශාක සහ සත්ව කොටස් , විවිධ මත්ද්‍රව්‍ය මෙන්ම ඖෂධ වර්ග ද නීතිවිරෝධීව ශ්‍රි ලංකාවෙන් පිට කිරීමට සහ මෙරටට ගෙන ඒමේ දී රේගු නිලධාරින් විසින් කළ වැටලීම්වලදී මෙම අය කිරීම් සිදු කර ඇති බව සඳහන්.

අදාළ වැටලීම් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මෙන්ම , කොළඹ, ගාල්ල ,ත්‍රිකුණාමලය ආදී වරාය වල රාජකාරියේ නියැලී සිටි රේගු නිලධාරීන් ක්‍රියාත්මක කරනු ලැබු බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news