නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 19 වනදා සිට නිවෙස්වලට

 12/26/2017 - 11:36
8 reads

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය අද නිකුත් කෙරෙනවා.

පෙබරවාරි මස 10 වනදා මැතිවණය පැවැත්වීමට අදාල සියළු කටයුතු මේ යටතේ සක්‍රීය වන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.

නාම යෝජනා භාර ගැනීම පසුගිය 21 වනදා අවසන් වූ අතර ඊට සමගාමීව පළාත් පාලන ආයතන 341ක් වෙනුවෙන් මැතිවරණය පැවැත්වෙනු ඇති.

තැපල් ඡන්ද නාම ලේඛනය සහතික කිරීම එළඹෙන 8 වනදා සිදු කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා ජනවාරි මස 19 වන දා සිට නිවෙස්වලට බෙදා හැරීම සඳහා සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව ජනවාරි 28 වන දා විශේෂිත දිනයක් ලෙස නම් කොට ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

පෙබරවාරි තුන්වනදායින් පසු ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලෙන් බෙදා නොහරින අතර පසුව එය අදාළ ඡන්ද හිමියන්ට පමණක් තැපැල් කාර්යාලයට පැමිණ ලබා ගැනීමේ හැකියාව

පවතිනවා.මීට අමතරව මැතිවරණයට අදාළව තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීමේ අවසන් දිනය ලෙස පෙබරවාරි මස 2 වන දා නම් කර ඇති අතර ඊට පෙර හැඳුනුම්පත් ලබා ගන්නා ලෙස ද මැතිවරණ කොමිසම ජනතාවගෙන්  ඉල්ලීමක් කරනවා.

පළාත් පාලන ආයතන 341ක් ට අදාලව පැවැත්වෙන ජන්ද විමසීමේදී රාජ්‍ය සේවකයින්ට තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමට ජනවාරි මස 25 සහ 26 යන දෙදින වෙන්කර ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මේ අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡාවට දෙකක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news