දකුණු පළාතට සංචාරකයන්ගේ වැඩි නැඹුරුවක්

 12/25/2017 - 13:11
97 reads

උත්සව සමය ආරම්භ වීමත් සමඟ දෙස්-විදෙස් සංචාරකයන් දකුණු පළාතේ සංචාරක ස්ථාන නැරඹීම සඳහා වැඩිවශයෙන් පැමිණෙමින් සිටින බව රුහුණු සංචාරක කාර්යාංශය පවසනවා.

ආසියාතික රටවල්, මැද පෙරදිග රටවල් සහ ඇමරිකානු ජාතිකයන් වැඩිවශයෙන් පැමිණෙමින් සිටින බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල කොටුව ආශ්‍රිත ප්‍රදේශය, රූමස්සල, උනවටුන, වැලිගම ඇතුළු තදාසන්න ප්‍රදේශ නැරඹීම සඳහා වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන බව සඳහන්.

විදේශීය සංචාරකයන් දකුණු පළාතේ අභ්‍යන්තර ප්‍රදේශවල හඳුනාගෙන ඇති නව සංචාරක කලාප නැරඹීම සඳහා යොමු කිරීමට අවධානය යොමුවී ඇති බවයි රුහුණු සංචාරක කාර්යාංශය වැඩිදුරටත් කියා සිටියේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news