පාතාල නායක මාකඳුරේ මධූෂ් සමග සම්බන්ධකම් පැවැත්වූ අටක් අල්ලයි

 12/22/2017 - 07:32
262 reads

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතල කණ්ඩායම් නායකයෙකු වන මේ වන විට විදේශගතව සිටින මාකඳුරේ මධුෂ් සමග සබඳතා පැවැත් වූ 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජයවර්ධන පුර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මීගමුව ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔවුන් අතර, මාකඳුරේ මධුෂ් නමැත්තා සමග සෘජු සබඳතා පැවැත් වූ පුද්ගලයෙකු ද සිටින බවයි පොලීසිය  පැවසුවේ.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබූ ගිනි අවි, අත්බෝම්බ, හෙරොයින් සහ කේරල ගංජා තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Underworld gang member
STF
Makandure Madhush