මෝටර් රථයකින් පැමිණ අහසට වෙඩි තබා කතකට තර්ජනය කර පළා ගිය අයෙක් සොයා පරීක්ෂණ

 12/17/2017 - 20:49
89 reads

මෝටර් රථයකින් පැමිණි කාන්තාවකට බැණ වැඳී අහසට වෙඩි තබා පළා ගිය කණ්ඩායමක් සොයා මාරවිල පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, අදාළ කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලකට  අනුවයි.
මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙකු තමන්ට බැණ වැඳී අහසට වෙඩි තබා පළා ගිය බවට පවසන ඇය තමන් විසින් එක් සැකකරුවෙකු හඳුනාගත් බව ද පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
මෙය ඉඩම් ආරවුලක් හේතුවෙන් සිදු වන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news