දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක්

 12/16/2017 - 17:06
135 reads

දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි අද අළුයම් කාලයේදී විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත සිදුකළ මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 14, 706 දෙනෙකු එක්ව සිටි බව සඳහන්.
ඒ සඳහා පොලිස් නිල සුනඛයින් දස දෙනෙකු ද යොදවා ගත් බවයි පොලීසිය පැවසුවේ.
එහිදී විෂ මත් ද්‍රව්‍ය සහ නීති විරෝධී මධ්‍යසාර වැටලීම් 586ක් සිදු කර තිබෙනවා.
එමෙන්ම, රථ වාහන නඩු 4, 472ක් පවරා ඇති අතර නීති විරෝධී ගිනිඅවි 6ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
වරෙන්තුකරුවන් 559කු ද, අපරාධ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 722 දෙනෙකු ද, අපරාධවලට සම්බන්ධ බව කියන පුද්ගලයින් 92 දෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news