ගෝඨාභයට අද අභියාචනාධිකරණයෙන් ලැබුණු තීන්දුව

 12/15/2017 - 14:51
178 reads

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය  රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිමය පියවර ගැනීම වලක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම යළි ජනවාරි 25 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ, ඊට අදාළ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය  සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද යළි කැඳවූ අවස්ථාවේදියි.

මෙහදි නීතිපතිවරයා අදාළ අතුරු තහනම දීර්ඝ නොකරන ලෙසට ඉල්ලූ බවත්, එය ප්‍රතික්‍ෂේප කරමින් අභියාචනාධිකරණය අදාළ තහනම දීර්ඝ කළ බවයි NEWS 24 අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ඩී.ඒ. රාජපක්‍ෂ  අනුස්මරණ කෞතුකාගාර ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 90 ක් අවභාවිතා කළ බවට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news