රන්ජන්ට එරෙහි නඩුවක් ජනවාරිය දක්වා කල් යයි

 12/14/2017 - 13:36
8 reads

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබු පැමිණිලි දෙකක් නැවත ජනවාරි මස 22 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
මාගල්කන්දේ සුදත්ත හිමියන් හා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා මහතා විසින් අදාළ පැමිණිලි ඉදිරිපත් කරනු ලැබුවේ.
එම පැමිණිලි බුවනෙක අලුවිහාරේ, අනිල් ගුණරත්න හා විජිත් මානගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.
එහිදි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා විසින් අධිකරණයට දන්වා ඇත්තේ රන්ජන් රාමනායක මහතා විසින් සිදු කරනු ලැබ ඇති අපහාසාත්මක ප්‍රකාශය සම්පුර්ණයෙන් ඉදිරිපත් කරන ලෙස දන්වා තිබුණ ද එම විඩියෝ පටය මෙතෙක් අධිකරණය වෙත ලැබී නොමැති බවයි.
එම කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ වීඩියෝ පටය ජනවාරි මස 15 දාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරනු ලැබුවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news