වර්ජනයේ නිරත විදුලි නියෝජිතයින්ට අමාත්‍යංශයෙන් කැඳවීමක්

 12/14/2017 - 11:37
10 reads

උපවාසයේ නිරත විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද විශේෂ රැස්වීමක් විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
ඒ, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදීයි.
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් වෘත්තිය සමිති එහි මුලස්ථානය ඉදිරිපිට ආරම්භ කල උපවාසයට අදට දින 04ක් ගතවනවා.
ඔවුන් මෙම උපවාසයේ නිරත වන්නේ පාලන අධිකාරියට පමණක් අත්තනෝමතික ලෙස වැටුප් වැඩිකිරීම, සේවකයින්ගේ වෛද්‍ය සහ ප්‍රසාද දීමනා කප්පාදු කිරිම ඇතුලු කරුණු කිහිපයකට විරෝධය පලකරමින්.
අද පැවැත්වෙන සාකච්ඡාවේදී විදුලි බල සේවකයින්ගේ ගැටලුවලට විසඳුමක් ලැබෙනු ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news