ආදම්ගේ පාලම ගැන නවතම අනාවරණයක්

 12/14/2017 - 08:16
475 reads

ආදම්ගේ පාලම ලෙසින් හදුන්වන ඇඩම්ස් බ්‍රිජ් මිනිසකු විසින් නිර්මාණය කරන ලද්දක් බව අමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් තහවුරු කර තිබෙනවා
ඔවුන් පෙන්වා දෙන්නේ පාලම සකස් කිරිම සදහා යොදා ගෙන ඇති පාෂාණ වසර 7,000 ක් පැරණි ඒවා බවයි.
එමෙන්ම පාලම සකස් කිරිම සදහා යොදාගෙන ඇති වැලි නිම්න වසර 4,000 ක් පැරණි බවද එම විද්‍යාඥයින් විසින් ලබාගත් දත්ත සහ පර්යේෂණ තුලින් තහවුරු කර තිබෙනවා
2007 වසරේදි ඉන්දිය කොංග්‍රස් පක්ෂය විසින් ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර ඇති මෙම පාලම හරහා නැව් මාර්ගයක් සකස් කිරිමට සැලසුම් කර තිබුණා.
එම නැව් මාර්ගය සකස් කිරිම තුලින් නාවුක කටයුතු සඳහා ගතවන කාලය විශාල ලෙස අඩුකර ගැනිමට හැකියාව පවතින බවයි කොංග්‍රස් පක්ෂය සදහන් කර තිබුණේ.
කෙසේ වෙතත් ඉන්දිය භාරතිය පක්ෂය ඊට විරෝධය පලකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කරනු ලැබු අතර ඒ හේතුවෙන් නැව් මාර්ගය ඉදි කිරීමේ කටයුතු අත්හිටුවනු ලැබුවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news