සෙක්ස් සෙවීම්වලින් ශ්‍රී ලංකාව එකේ සිට තුනට වැටේ

 12/12/2017 - 19:44
51 reads

ගූගල් සෙවීමේ මෙහෙයුම් යන්ත්‍රය හරහා සෙක්ස් වචනය භාවිතා කළ රටවල් අතර පළමු ස්ථානයට වර්ගීකරණය වී සිටි ශ්‍රී ලංකාව එහි

නවතම ශ්‍රේණිගත කිරීම්වල තුන් වන ස්ථානයට යොමු වී තිබෙනවා.

2017 වසරට අදාළ ගූගල් ටේ‍රන්ඞ්ස් නවතම වාර්තාවලට අනුව එහි පළමු ස්ථානය හිමිකගෙන ඇත්තේ බංග්ලාදේශයයි.

දෙවන ස්ථානයට ඉතියෝපියාවත්, නේපාලය සිව් වන ස්ථානයටත්, අසල්වැසි ඉන්දියාව එහි පස් වන ස්ථානයටත් වර්ගීකරණය වී තිබෙනවා.

ලෝකයේ නගර අතරින් තවමත් පළමු ස්ථානය හිමි කරගෙන ඇත්තේ හෝමාගම නගරයයි.

එහි දෙවන සහ තුන් වන ස්ථානය චෙන්නායි සහ ඩකා අගනුවර හිමිකරගෙන තිබෙනවා.

මෙවර ශ්‍රී ලංකාව තුළ වැඩියෙන්ම සෙක්ස් වචනය භාවිතා කළ පළාත වන්නේ උතුර මැද පළාතයි.

හෝමාගම නගරය කේන්ද්‍ර කර ගනිමින් මෙරට සන්නිවේදන චන්ද්‍රිකා බාගත කිරීම් මධ්‍යස්ථානය පිහිටා තිබීම නිසා අදාළ දර්ශකයේ එම නගරය ඉහළට පැමිණෙන බවයි පරිගණක විශ්ලේශකයන් පවසන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news