දුම්රිය වැඩ වර්ජනය අද හය වන දිනටත් ක්‍රියාත්මකයි

 12/12/2017 - 10:07
51 reads

සේවයෙන් පහකළ ද දුම්රිය වෘත්තිය සමිති සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය නතර නොකරන බවයි ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ  ප්‍රධාන ලේකම් මනුල පීරිස් මහතා NEWS24 කළ විමසීමකදී  කියා සිටියේ.

කෙසේවෙතත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා කියා සිටියේ සිදු කළ සාකච්ඡා අනුව දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනය අද දිනයේ දී අත්හිටුවීමට ඔවුන් තීරණය කරණු ඇති බවයි.

මේ අතර, වර්ජනයේ නියුතු දුම්රිය වෘත්තිය සමිති සේවකයින්ගෙන් වර්ජනය නතර කරන ලෙස තම සංගමය ඉල්ලීමක් කරන බව  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ප්‍රකාශ කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Train
strike