පුත්තලමේ තනි දළයාගේ මරණයට හේතුව මෙන්න

 12/11/2017 - 10:13
136 reads

පුත්තලමේ තනි දළයා නමින් ප්‍රකටව සිටි හස්තියා මියගොස් ඇත්තේ විෂ ශරීර ගතවීමක් හේතුවෙන් බවට  අනාවරණය වී තිබෙනවා.

මේ බව හෙළිව ඇත්තේ ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන්.

පුත්තලම, සෙල්ලන්කන්ද රක්ෂිතය තුළ සැරිසරමින් සිටි මෙම තනි දළ ඇතා වෙඩි තබා ඝාතනය කර ඇති බවට ප්‍රදේශවාසීන් විසින් වනජීවි නිලධාරීන් දැනුවත් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් තිරසර හා වනජීවි අමාත්‍යංශය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ගත වු කාලය තුළ ගල්ගමුවේ දළ පුට්ටුවා, තනි දළයා ඇතුලු ඇතුන් සිව් දෙනෙකු සහ වන අලීන් ඝාතනය කර ඇති බවයි පරිසර සංවිධාන පැවසුවේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Thani Dalaya
Puttlam