කොළඹට එජාපය ඇප මුදල් තැන්පත් කරයි

 12/08/2017 - 20:33
56 reads

කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද සිදු කෙරුණා.

අමාත්‍ය මනෝ ගනේෂන්, පළනි දිගම්බරන්, රාධ ක්‍රිෂ්ණන්, රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්  යන මහත්වරුන්ගේ පක්ෂ සහ වෘත්තීය සමිතිවල අපේක්ෂකයින් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩිවේල් මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ලුණුගල ප්‍රාදේශීය සභාව සඳහා ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

 

news24.lk
News24
sri lanka news 24
24 news