ඉදිරියේදී සහල් මිල තවදුරටත් පහතට

 12/07/2017 - 21:04
5 reads

සහල් ටොන් ලක්‍ෂයක් මෙරටට ආනයනය කරන ලෙස අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

ඒ අනුව, ඉදිරියේදී සහල් මිල තවදුරටත් පහත බසිනු ඇති බවයි සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර, විදේශ රැකියාවල නිරත වන්නන් මෙරටට එවන මුදල්වලට බද්දක් අය කරන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ද මෙහිදි රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා අදහස් පළ කළා.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news