බැඳුම්කර වාර්තාව කල් යෑමට හේතුව

 12/07/2017 - 20:53
47 reads

බැඳුම්කර නිකුතුව පිළිබඳ සොයා බැලූ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබාදීම කල් දැමීමට සිදුවුයේ ලබාදී ඇති සාක්ෂි විමර්ශණය කිරිම සදහා තවදුරටත් කාලය අවශ්‍ය වන නිසා බව එම කොමිසම පවසනවා. 

එහි ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා සදහන් කලේ සාක්ෂි 71 ක් ලබාදී ඇති බැවින් එම සාක්ෂි අධ්‍යනය කිරිම සදහා කාලය අවශ්‍ය බවයි.

එම කටයුතු අවසන් කර දෙසැම්බර් 31 වන දා වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබාදෙන බව ද බැදුම්කර ගණුදෙනුව පිළිබද විමර්ශනය කරන ජනාධිපති

කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගම මහතා NEWS 24 වෙත කියා සිටියා.

අදාළ කොමිසම සිය වාර්තාව හෙට දිනයේ දී ලබාදීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news