නිදහස් පක්‍ෂයට නව දිස්ත්‍රික් සංවිධායකවරු 5 දෙනෙක්

 12/07/2017 - 20:18
134 reads

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහා පත් කෙරුණු නව දිස්ත්‍රික් සංවිධායකවරු 5 දෙනෙකු ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද සිය පත්වීම් ලිපි භාරගෙන තිබෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නව දිස්ත්‍රික් සංවිධාකවරු ලෙස චමින්ද කුමාර දිසානායක, නීතීඥ උපාලි මොහොට්ටි, එන්.ටී දයානන්ද යන මහත්වරු පත් කර ඇති බව සඳහන්.

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකවරයෙකු ලෙස ඩී.එන්.ඩී නුගවෙල මහතා පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඊට අමතරව දිගාමඩුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නව දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස පත් කෙරුණු ගුණරත්න මහේන්ද්‍ර පෙරේරා මහතා ද ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපි භාරගෙන තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news