පොලීසිය සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක්

 12/07/2017 - 18:52
4 reads

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව සහ පොලීසිය අතර, විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා.

ඒ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදියි.

සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙන්ම මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී

වික්‍රමරත්න මහතා ඇතුළු ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වී ඇති බව සඳහන්.

එහිදි පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරදීමේදී තිබිය යුතු ආරක්‍ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news