ඩී.කේ.පීගේ ඇප ඉල්ලුම් පත සලකා බැලීම ලබන ජනවාරි නව වනදා

 12/07/2017 - 16:45
11 reads

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරූ ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු 6 දෙනාගේ ඇප ඉල්ලුම්පත් ලබන වසරේ ජනවාරි 9 වන දා යළි සලකා බැලීමට අද නියෝග කෙරුණා.

ඒ ඔවුන්ගේ ඇප අයැදුම්පත් කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා හමුවේ අද සලකාබැලුනු අවස්ථාවේදියි.

2008 වසරේ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි සැකකරුවන්ට චෝදනා එල්ල වන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news