පිගාඔයෙන් බිළිඳු මළ සිරුරක් සොයා ගැනේ

 12/07/2017 - 15:11
47 reads

කටුගස්කොට පිගාඔයේ පා වෙමින් තිබූ බිළිඳු මළ සිරුරක් අද උදෑසන සොයා ගෙන තිබෙනවා.

ඉපදී පැය කිහිපයකට පසු බිළිදා මිය ගොස් ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

බිළිඳාගේ සිරුරේ ඇතැම් කොටස්  සතුන් විසින් කා දමා ඇති බව ද පොලීසිය සඳහන් කළා.

කවුරුන් විසින් බිළිදු මළ සිරුර ගෙනවිත් දැමුවේ ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති අතර  වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news