සයිටම් අර්බුදය නැවත මතුවීම වැළැක්වීමට සාධනීය මැදිහත්වීමක් අවශ්‍යයයි - GMOA ජනපතිට ලියයි

 12/07/2017 - 14:04
7 reads

සයිටම් අර්බුදය නැවත මතුවීම වළක්වාලීම සඳහා සාධනීය මැදිහත්වීමක අවශ්‍යතාව පෙන්වා දෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ, කරුණු 3 ක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරමින්.
සයිටම් අර්බුදය සම්බන්ධයෙන් දෙසැම්බර් 31 වන දා වනවිට විසඳුම් ලබාදෙන බව රජය පසුගිය දා ප්‍රකාශ කළා.
කෙසේ නමුත් සයිටම් අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයා පත් කළ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්යය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව පසුගිය නොවැම්බර් 20 වනදායින් පසු මෙතෙක් රැස්වී නොමැති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදාළ ලිපිය මගින් පෙන්වා දුන්නේ.
සයිටම් ආයතනය වෙනත් පෞද්ගලික ආයතනයක් වෙත පැවරීම මෙන්ම වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ කරුණු රැසක් ද රජයේ වෛද නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය මගින් පැහැදිලි කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news