විපක්ෂ මන්ත්‍රීවරුන් සියයකට අධික පිරිසක් පාර්ලිමේන්තු විවාද මගහැරීම ගැන සභානායක කනගාටුවෙයි

 12/07/2017 - 13:57
55 reads

විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියයකට අධික පිරිසක් පාර්ලිමේන්තු විවාද මගහැරීම කණගාටුවට කරුණක් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
නිව්ස් 24 වෙත අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ අයවැය විවාදය විපක්ෂය විසින් ඉදිරියට ගෙන ආ යුතු වුවත් බොහෝ පිරිසක් එය මගහැරීම කණගාටුවට කරුණක් බවයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ අයවැය විවාදවලට සහභාගී වීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
හෙතෙම කියා සිටියේ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ සිදු කරන ඉල්ලීම් ආණ්ඩු පාර්ශවය නොසලකා හරින බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news