තාරකා ඉබ්බන් 1200 ක් සහ ග්ලයිපොසෙට් තොගයක් කල්පිටියෙන් හමුවෙයි

 12/07/2017 - 12:04
45 reads

නීති විරෝධීව ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ආ තාරකා ඉබ්බන් 1, 200ක් සහ මෙරට භාවිතය තහනම් ග්ලයිපොසෙට් තොගයක් කල්පිටිය තිල්අඩිය වෙරළ ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා.
ග්ලයිපොසෙට් ග්‍රෑම් සියය බැගින් අඩංගු ඇසුරුම් 5, 400ක් එහිදී සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
කල්පිටිය පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හිමිකරුවකු නොමැති මෙම ඉබ්බන් සහ කෘෂි රසායන තොගය සොයාගෙන තිබෙනවා.
ප්‍රවාහනයේදී තාරකා ඉබ්බන් සියයකට අධික සංඛ්‍යාවක් මිය ගොස් සිටි බව ද සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news