වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයාට හදිසි ස්ථානමාරුවක්

 12/07/2017 - 12:02
53 reads

තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශ ලේකම්වරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.
විශේෂ කාර්යයභාර අමාත්‍යංශය වෙත ඔහු මාරු කර ඇති බවයි වාර්තා වුණේ.
ඒ අනුව තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශයට විශේෂ කාර්යය භාර අමාත්‍යංශ ලේකම්වරයා පත් කිරීමට සැළසුම් කර ඇති බව නිව්ස් 24 කළ විමසීමකදී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළා.
කෙසේවෙතත් පසුගියදා සිදුවූ දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ පිළිබදව වනජීවී අමාත්‍යංශයට චෝදනා එල්ල වුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news