දුම්රිය වර්ජනය වෙනුවෙන් ලංගමයෙන් අතිරේක බස් සේවාවක්

 12/07/2017 - 10:28
3 reads

දුම්රිය වැඩවර්ජනයට සමගාමීව ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අතිරේක බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.
ලංගම මෙහෙයුම් අධිකාරී ආර්.ටී චන්ද්‍රසිරි මහතා නිව්ස් 24 වෙත පැවසුවේ කොළඹ කොටුවේ සිට ජනතාවගේ අවශ්‍යතාවය පරිදි මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වන බවයි.
පිටපළාත්වල ද ධාවන කටයුතු සඳහා අතිරේක බස් රථ යොදවා ඇති බව හෙතෙම කියා සිටියා.
බඳවාගැනීමේ පටිපාටියට බැහැරව දුම්රිය රියදුරු සහයකයින් බඳවා ගැනීමට විරෝධය පළ කරමින් දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනය අඩාල වී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය පැවසුවේ මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදානෙන් ආරම්භ වන කිසිදු දුම්රියක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ධාවනය නොවන බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news