බැදුම්කර කොමිසමේ කාලය දීර්ඝ කරයි

 12/07/2017 - 10:22
10 reads

බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ කාලය තවත් දින 23 කින් දීර්ඝ කර තිබෙනවා.
හෙට දිනයෙන් එම කොමිසමේ කාලය අවසන් වීමට නියමිතව තිබූ අතර, මෙලෙස දීර්ඝ කිරීමත් සමග කොමිසමේ කාලය දෙසැම්බර් 31 වනදා දක්වා බල පැවැත්වෙනු ඇති.
බැඳුම්කර කොමිසමේ වාර්තාවද හෙට දිනයේ ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිතව

තිබුණා.
කෙසේ වෙතත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කොමිසමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news