පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ඇතැම් අමාත්‍යවරුන් ප්‍රකාශයට පත් කිරීම ගැටලු සහගතයි

 12/06/2017 - 19:47
6 reads

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය තීරණය කළ යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයා වුව ද ඇතැම් අමාත්‍යවරුන් එම දිනය ප්‍රකාශයට පත් කිරිම ගැටලු සහගත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
හෙතෙම මේ බව කියා සිටියේ  පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශිර්ෂ විවාදයට අද එක්වෙමින්.
පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඊට අදහස් දැක්විමත් සමග ඇතිවුයේ උණුසුම් තත්වයක්.
පසුගිය දා ඝාතනයට ලක්වූ දළ පූට්ටුවා පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජීර අබේගුණවර්ධන මහතා සදහන් කළේ වන සතුන් ආරක්ෂා කර ගැනිම සඳහා පුලුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කල යුතු බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news