අල, පරිප්පු, පොල්වලට පාලන මිලක් - ගැසට් නිවේදනය අද

 12/06/2017 - 12:20
50 reads

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අද දිනයේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

NEWS 24 කළ විමසීමකදී එහි අධ්‍යක්‍ෂ ජනරාල් ඩී. ජීවනාධන් මහතා සඳහන් කළේ පොල්, පරිප්පු සහ ආනයනික අර්තාපල් සහ කරවල සඳහා මෙලෙස උපරිම සිල්ලර මිලක් නියම කරන බවයි.

ඒ අනුව, පොල්ගෙඩික් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 75 ක්.

ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල වන්නේ 76 ක්.

පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 130 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව අධ්‍යක්‍ෂ ජනරාල් ඩී. ජීවනාධන් මහතා කියා සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news