ගාල්ලේ රෙදිපිළි වෙළඳසැලක ගින්නක්

 12/06/2017 - 12:05
640 reads

අද පෙරවරු 06.40 පමණ ගාල්ල, කළුවැල්ල ප්‍රදේශයේ නිමි රෙදිපිළි අළෙවිසලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගාල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් එම ගින්න මැඩපවත්වා ඇතැයි News24 වාර්තාකරු ප්‍රකාශ කළේ.

ගින්න ඇතිවිමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ගින්නෙන් වෙළඳසලට දැඩි අලාභ හානි සිදුවී ඇති අතර සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනවා.


තවද මේ මොහොත වන විට ගාල්ල, ඉඳුරුව ප්‍රදේශයේ හෝටලයක් ද ගිනිගනිමින් පවතින බවයි News24 වාර්තාකරු ප්‍රකාශ කළේ.

එම ස්ථානයට ගිනි නිවන හමුදාවේ රථ වාහන යවා ඇති බවයි පොලීසිය කියා සිටින්නේ.

ඒ සම්බන්ධයෙන් ද මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news