UPDATE: පීඩන අවපාතය දිවයිනෙන් තවදුරටත් ඉවතට

 12/06/2017 - 18:25
214 reads

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය තවදුරටත් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එබැවින් මේ මගින් දිවයිනට ඇතිවන බලපෑම තවදුරටත් අඩුවනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මේ වන විට මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කි.මී. 850ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව ඇති අතර ඉදිරි පැය 06 ත් 12ත් අතර කාලය තුලදී පීඩන අවපාතයක් බවට පත්වී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙන් උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති.
ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව ද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.


 

බෙංගාලබොක්කේ අඩු පීඩන තත්ත්වය දිවයිනෙන් පිටතට [12/06/2017 - 06:51]

දිවයිනට කිලෝමීර් 800 ක් පමණ දුරින් නැගනහිර දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අිඩු පීඩන කලාපය ඉදිරි පැය 12 ඇතුළත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම එය වයඹ දෙසට බරව දිවයිනෙන් පිටතට ගමන් කරමින් පවතින බවයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් එස්. ප්‍රේමලාල් මහතා සඳහන් කරන්නේ.

ඒ හේතුවෙන් උතුර සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීම හේතුවෙන් ධීවර සහ නාවුක ප්‍රජාව ඒසම්බන්ධයෙන් වැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර, උතුර, උතුර මැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම සබරගමුව, මධ්‍යම ඌව පළාත්වලත් වැසි ඇති විය හැකි බව එස්. ප්‍රේමලාල්  මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news