දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

 12/06/2017 - 06:26
140 reads

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන් කොළඹට පැමිණෙන මංතීරුව අවහිර වී ඇති බව පොලීසිය පවසනවා.

අද අළුයම  3.30ට ප මණ කොක්මාදූව, ඉමදූව අතර ප්‍රදේශයේදී කොළඹ සිට මාතරට ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇති බව වාර්තාවන්නේ.

කොළඹට පැමිණෙන  වාහන ගොඩගමින් ඇතුළු වී කොක්මාදූවෙන් පිටවී යළි ඉමදූව පිවිසුමෙන් ඇතුළු වී කොළඹ දෙසට ගමන් කළ යුතු බව දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ නියෝජ්‍ය

අධ්‍යක්‍ෂ ඉංජිනේරු ආර්.ඒ.ඩී. කහටපිටිය මහතා සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news