බියර් මිල ගැන ජනපති පාර්ලිමේන්තුවේදී කතා කරයි

 12/04/2017 - 21:05
47 reads

කාරක සභා අවස්ථා විවාදයේ 13 වන දිනය අදයි. අද විවාදයට ලක් කෙරුණේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහ නිවාස හා ඉදිකිරීම් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.
සෞඛ්‍ය, පොෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අවස්ථාවේ ජනාධිපතිවරයා ද විවාදයට එක් වෙමින් කියා සිටියේ බියර් මිල සම්බන්ධයෙන් විවේචන පැමිණි බවයි. ජාතික මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය මත බියර් හෝ අරක්කු හෝ සිගරැට් හෝ භාවිතය සම්බන්ධයෙන් සහන දීම නුසුදුසු බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා. එසේම විදේශීය රටවලින් සිගරැට් ගෙන්වීමටද එකඟ විය නොහැකි බව කියා සිටියා.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ නිදහසේ කටයුතු කිරීමට තරම් පින්වන්ත සෞඛ්‍ය ඇමතිවරයෙක් සිටීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news