ඉරණමඩු බුදු පිළිමය ඉවත් කරන ලෙස ශ්‍රීධරන්ගෙන් ඉල්ලීමක්

 12/04/2017 - 13:30
85 reads

කිළිනොච්චිය ඉරණමඩු ජලාශය අසල යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද බුදු පිළිමය ඉවත් කල යුතු බව දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා වාරිමාර්ග නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

මෙම ස්ථානයේ බුදු පිළිමයක් ඉදි කරන ලද්දේ යුද හමුදාවට ආගමික වතාවත් සිදු කිරීමටයි.

මේ වනවිට එම ස්ථානයේ යුද හමුදාව නොමැති බැවින්  බුදු මැදුරක අවශ්‍යතාවයක් නොමැති බව එස්. ශ්‍රීධරන් මහතා ප්‍රකාශ කළා.

news24.lk
News24
sri lanka news 24
24 news
Iranamadu Budu Madura