විහාරස්ථාන 12000ක් සංවර්ධනය කෙරෙන 'සසුනෝදය' ජාතික වැඩසටහන ඇරඹෙයි

 12/04/2017 - 12:21
45 reads

දොළොස්  දහසකට අධික බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය හා සංවර්ධනය කිරීමේ 'සසුනෝදය' ජාතික වැඩසටහන අද ආරම්භවුණා.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී.

ඉතිහාසයේ ප්‍රථම වරට බෞද්ධ වෙහෙර විහාර සංරක්ෂණය කිරීම සඳහා වැඩිම මුදලක් මේ සඳහා යොමු කරන බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ.

මෙහිදී වෙහෙර විහාරස්ථාන 850ක් සඳහා මුල්‍ය ප්‍රතිපාදන පරිත්‍යාග කෙරුණේ මුලික පියවර ලෙසින්.

බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් එකවර මෙවැනි දැවැන්ත වැඩසටහනක් මෙරට ක්‍රියත්මක වන ප්‍රථම අවස්ථාව ද මෙයයි.

පළමු අදියර යටතේ උතුරු නැගෙනහිර ද ඇතුළුව වෙහෙර විහාරස්ථාන 1,000ක් සංරක්ෂණය කොට සංවර්ධනය කෙරෙයි.

ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 500ක්.

මෙරට අතීත  උරුමයන් නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ට ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලැබෙන ආදායම මේ සඳහා යොදා ගැනීමද විශේෂත්වයක්.

පසුගිය සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ වංචා දූෂණ අක්‍රමිකතාවන්ට තිත තබමින් වර්තමානයේ විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟ පෙන්වීම හා නායකත්වය යටතේ මෙරට පුරා විද්‍යාත්මක උරුමයන් මෙන්ම කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් ඵලදායී වැඩසටහන් රැසක්ක්‍රියාත්මක  කිරීමට ද ධ්‍යම සංස්කෘතික අරමුදලට හැකි වී තිබෙනවා.

මීට පෙර විහාරස්ථාන 150 සඳහා මුල්‍ය ප්‍රතිපාදන පිරිණැමුනු අතර මේ වන විට එම විහාරස්ථාන බොහොමයක සංරක්ෂණ සහ සංවර්ධන කටයුතු අවසන් කර තිබීමද විශේෂත්වයක්.

news24.lk
News24
sri lanka news 24
24 news
Sasunodaya
Akila Viraj
Ranil