අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනයවන ලක්ෂණ - දිවයිනට බලපෑම්

 12/04/2017 - 06:24
383 reads

දකුණු අන්දමන් දූපත් ආසන්නයේ නිර්මාණය  වී ඇති අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනයවන ලක්ෂණ පෙන්වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අඩු පීඩන කලාපයේ බලපෑමෙන් ඉදිරි දින කිහිපයේ දී දිවයින අවට උතුරු, නැගෙනහිර සහ  දකුණු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය  වැඩි වීමේ හැකියාවක් පවතිනවා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවෙයි.

සෙසු ප්‍රදේශවලට ද  සවස 2.00 න් පමණ පසු වැසි ගහෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත්, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රීක්කවලත් විටින් විට තරමක තද සුළං ද ඇතිවිය හැකි  බවයි පැවසෙන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news
The low pressure area
South Andaman Islands
Showers
thundershowers
The low pressure area in the South Andaman Islands